කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එදින තැඹිලි පැහැයෙන් සැරසී පාර්ලිමේන්තු විවාදයට පැමිණියේය.
කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් පිළිබඳව ලෝක අවධානය යොමු කිරීමේ අරමුණින් සෑම වසරකම නොවැම්බර් 25 වැනිදා මෙම දිනය සමරනු ලබයි.
මේ අතර ලොව පුරා කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයකු සිය ජීවිත කාලය තුළ කිසියම් ආකාරයක හිංසනයකට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන බව සඳහන් වේ.





