හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ භාර්‍යාව වන ශිරන්ති රාජපක්ෂ හට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) දින පෙරවරු 9.00 ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දින දැනුම්දීමක් සිදුකර තිබුණි.
සඳහන් වන ආකාරයට මෙම කැඳවීම සිදු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
එනමුත් ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික හේතුවක් මත තමාට අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව එම කොට්ඨාසය වෙත දැනුම් දී ඇති අතර ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසට ඉල්ලිමක්ද සිදු කර ඇත.
එසේම අදාළ දැනුම් දීම නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව සිදුකර ඇති බවද පොලීසිය විසින් සඳහන් කරන ලදී.





