පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ ප්‍රකාශ කරන ලද්දේ, වත්මන් විපක්ෂය නායකත්වය දුර්වල බවත්, දේශපාලන වශයෙන් මිය ගොස් ඇති බවය.
ආණ්ඩුකරණයේදී මතුවන තාක්ෂණික ගැටලු සහ නිලධාරීන්ගෙන් සිදුවන අඩුපාඩු විපක්ෂය විසින් වංචා සහ දූෂණ ලෙස ජනතාවට පෙන්වීමට උත්සාහ කරන බව ඔහු පවසන ලදී.
අසිත නිරෝෂණ මහතා තවදුරටත් අවධාරණය කරන ලද්දේ, කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොමැතිව ආණ්ඩුකරණයේදී ගැටලු මතුවීම ස්වභාවික බවත්, ඒවා දූෂණය හා වංචාව සමඟ සමාන කිරීමට විපක්ෂය උත්සාහ කරන බවත්ය.
ඔහු වැඩිදුරටත් පැවසූයේ, ජනතාවට අවශ්‍ය නම් වඩා හොඳ ආණ්ඩුකරණයක් සඳහා නව නායකයන් තෝරාගත යුතු බවත්, පැරණි දූෂිත පක්ෂ නායකයන්ගෙන් රටට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත්ය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>



