විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජය ජනවරමට අනුකූලව කටයුතු කරන බව අමාත්‍ය උපාලි පන්නිල පැවසීය.

ඔහු සඳහන් කරන ලද්දේ විධායක ජනාධිපති ක්‍රමය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ සාකච්ඡාවක් පවතින බවය.

කෙසේ වෙතත්, ජනවරමට පටහැනි කිසිදු ක්‍රියාමාර්ගයක් රජය විසින් නොගන්නා බව අවධාරණය කළ අමාත්‍යවරයා, විපක්ෂය විසින් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් සහ ව්‍යාකූලත්වයක් ජනතාව අතර ඇති කිරීමට උත්සාහ කරන බවද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ වත්මන් ආණ්ඩුවේ ධුර කාලය නීති විරෝධී ලෙස දීර්ඝ කර ගැනීමට කිසිදු අදහසක් නොමැති වගත්,
මැතිවරණ කල් දැමීම හෝ ජනවරමට පටහැනිව කටයුතු කිරීමක් වත්මන් රජය කිසිසේත් සිදු නොකරන බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>