වාද්දුවේ සිදුවූ දුම්රිය අනතුර ඉතාමත් කණගාටුදායක සිද්ධියක් බව සඳහන් කරමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ ක‍රන ලද්දේ ජනතාවට අපහසුතාවයක් වූ මෙම අවස්ථාවේදී ලංගම, පුද්ගලික ප්‍රවාහන ආයතන සහ දුම්රිය සේවකයන් එක්ව විශාල කැපවීමක් කරමින් මාර්ගය නැවත සකස් කරන බවයි.

අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ, මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩිව මැදිහත් විය යුතු බවත්, රාජ්‍ය දේපල වන කෝටි ගණන් වටිනා උපකරණ ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවත්ය.

ඉදිරියේදී මේ අනතුරෙන් පාඩමක් ඉගෙන ගනිමින්, එම දැනුම ක්‍රියාවට ගෙන යාමටත් අවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය ක‍රන ලදී.
අවසාන වශයෙන් දුම්රිය සේවකයන්ගේ කැපවීම, ලං.ග.ම. සහ පුද්ගලික ප්‍රවාහන ආයතන ලබාදුන් සහය පිළිබඳව අමාත්‍යවරයා විසින් අගය කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>