අභාවප්රාප්ත ජ්යෙෂ්ඨ මාධ්යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදුවූ දේ දන්නා පුද්ගලයන් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්රකාශ කළේය.
ඔහු මේ බව ප්රකාශ කරන ලද්දේ, ලසන්ත වික්රමතුංග සම්බන්ධයෙන් රචිත ‘නොසැලුණු නොනැමුණු ලසන්ත’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
ලසන්ත දූෂණයට හා වංචාවට එරෙහිව කටයුතු කළ මාධ්යවේදියෙකු ලෙස සමාජයේ ගෞරවයට පාත්ර වූ බවත් එනමුත් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණමය වශයෙන් යුක්තිය ඉටු කිරීමට අවශ්ය සාක්ෂි ප්රමාණවත් නොවීම ගැටලුවක් වී ඇති බවද ඔහු පැවසීය.
අධිකරණ ක්රියාවලිය තුළ පුද්ගලයෙකු වරදකරු බවට පත් කිරීමට චෝදනා සාක්ෂි මගින් ඔප්පු කළ යුතු බව පෙන්වා දුන් ඔහු, ලසන්ත ඝාතනය පිළිබඳ තොරතුරු දන්නා පිරිස් නිහඬව සිටීම පිළිබඳවද අවධානය යොමු කළේය.
මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ මෙවැනි සිදුවීම්වලදී යුක්තිය ඉටු කිරීමේ වගකීම වින්දිතයන්ගේ පවුල්වලට පමණක් පැවරිය නොහැකි බවය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




