ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ අරමුණ එක් පුද්ගලයෙකු ඉවත් කිරීම පමණක් නොව, දූෂණයට සහ බලවත් පාර්ශ්වයන්ට එරෙහිව කටයුතු කරන අනෙකුත් මාධ්‍යවේදීන් හා වෘත්තිකයන්ට අනතුරු ඇඟවීමක් ලබාදීම බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී. ලසන්ත වික්‍රමතුංග සමඟ පෞද්ගලිකව හමුවී නොතිබූ තමන්ට...

