රුසියාව සමඟ පවතින සියලුම දේශසීමා පිවිසුම් ලබන දෙසැම්බර් 1 වැනිදා සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමට එස්තෝනියාව තීරණය කර තිබේ. එරට ආරක්ෂක සමාගමක් ඉලක්ක කර ගනිමින් ගිනි තැබීමේ කඩාකප්පල්කාරී ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බවට අනාවරණය වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
එස්තෝනියාවේ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන ‘Threod Systems’ නැමැති ආරක්ෂක සමාගම ඉලක්ක කර ගනිමින් පසුගිය 14 වැනිදා අලුයම මෙම ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් අටදෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ප්‍රහාරය පිටුපස රුසියාවේ හමුදා බුද්ධි සේවය (GRU) වන බවට එස්තෝනියානු බලධාරීන් ප්‍රසිද්ධියේ චෝදනා කර ඇත.
මෙම තත්ත්වය හමුවේ රුසියාව සමඟ එස්තෝනියාවට පවතින Narva, Luhamaa සහ Koidula යන ප්‍රධාන දේශසීමා පිවිසුම් තුනම මෙලෙස වසා දැමීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම දේශසීමා වැසීම කොපමණ කාලයක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව එරට රජය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, එස්තෝනියාවේ මෙම චෝදනා සහ තීරණය සම්බන්ධයෙන් රුසියාවෙන් ද මෙතෙක් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබී නැත.
