දිවයින පුරා පිහිටි බන්ධනාගාර 33හිම රඳවා සිටින රැඳවියන්ගේ සුබසාධනය මෙන්ම බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සෑම බන්ධනාගාරයක් සඳහාම වෙන් වෙන්ව විශේෂ කමිටු පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා.
එළඹෙන සතිය ඇතුළත මෙම කමිටු පිහිටුවීමේ කටයුතු සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම මුළු මහත් වැඩපිළිවෙළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතව ඇත.


