කොළඹ නගරාධිපති අපේක්ෂක.

ඊයේ කලාකරුවන් හා සම්බන්ධව මම ප්‍රියසම්භාෂණයක් පවත්වා එහි ඇල්කොහොල් සංග්‍රහ කරලා මාව අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා මාධ්‍ය හරහා ප්‍රචාර ගිහින් තියෙනවා. ඒක සම්පූර්ණ බොරු ආරංචියක්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති කෙනෙක් හැටියට මම මධ්‍යසාර සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබ්බා. අපේ කිසිම අවස්ථාවකට මධ්‍යසාර කවදාක්වත් සංග්‍රහ කරලා නෑ. අපි මැතිවරණ නීතිය ඉතාමත්ම නීතියට පිළිපදින අය. අපි දන්නවා මේ අවශ්‍ය වියදම් කරලා, ඡන්ද ගන්නේ කොහොමද කියලා. ඊයේ රාත්‍රීයේ මම මගේ වනාතමුල්ලේ බල ප්‍රදේශයේ පාක්ෂිකයෙක්ගේ මළගෙයකට සහභාගී වුණා. ඊට අමතරව සාමාන්‍ය මැතිවරණ කටයුතුවල යෙදුනා. කලාකරුවන්ට හෝ කිසිම කෙනෙකුට ප්‍රියසම්භාෂණ පවත්වලා නෑ. පවත්වන්නෙත් නෑ. මධ්‍යසාර නම් කවදාක්වත් සංග්‍රහ කරන්නෙත් නෑ, කරන්න අනුබල ලබා දෙන්නෙත් නෑ. මේ අවස්ථාවේදී බලා සිටින අයටත් මං කියනවා මධ්‍යසාර පාවිච්චි කිරීම කිසිසේත්ම ශරීරයට සුදුසු නෑ කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>