දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව පවතින බව පොලිසිය පවසයි.

ඒ අනුව, පොලිසිය විසින් සඳහන් කරනු ලබන්නේ පහත දුරකථන අංක ඔස්සේ මහජනතාවට පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබාදිය හැකි අතර, එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවයි.

අදාළ තොරතුරු ලබා දිය හැකි දුරකථන අංක පහතින් දක්වා ඇත.