පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ නීතිමය පියවර ගැනීමට රජය සූදානම් බව අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, පෞද්ගලික සමාගම් සමඟ ඇති ගිවිසුම් අනුව රජයට රට තුළ ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මැදිහත් විය හැකි නමුත්, එක් එක් ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් සෘජු නියෝග ලබාදීමට සීමාවන් පවතින බවය.
2022 වසරේදී අත්සන් කළ ගිවිසුම්වල කිසියම් සමාගමක් නිශ්චිත ප්‍රදේශයක ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා නොහැරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රමාණවත් විධිවිධාන නොමැති බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ඉන්ධන සමාගම් සමඟ සාකච්ඡා කරන බවත්, එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් පවතින ගිවිසුම් සහ ඛනිජ තෙල් පනත යටතේ ගත හැකි පියවර පිළිබඳ නීති උපදෙස් ලබාගෙන කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>

