දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබන කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි දිවයින පුරා අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව ඊයේ (01) දිනයේදී පරික්ෂා කරන ලද 30166ක පුද්ගලයින් අතරින් පුද්ගලයින් 602ක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

එසේම බීමත් රියදුරන් 246ක්ද, අපරික්ෂාකාරී රිය පැදවූවන් 44ක්ද අත් අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 17 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගෙන ඇත.