පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හා හානි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසා ඇත.

අද (10) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකදී ඔහු සඳහන් කළේ, මෙය සංවිධානාත්මක ක්‍රියාවක් බවත්, එයට දැඩි ආරක්ෂක පියවර ගන්නා බවත්ය.

කාන්තා වැසිකිළිවල හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති අතර, වැරදිකරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කරන ලදී.

එසේම, බස් නැවතුම්පොළේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරි මාස තුනක කාලය තුළ සහාය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.