පාර්ලිමේන්තුව අද (19) දිනයේදීත් පෙ.ව. 9.30 ට රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා, 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අද දිනයේ එය විවාද කර සම්මත කර ගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.