ප්‍රධාන වැව් සහ ජලාශ 34 ක් වාන් දමමින් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව යන ජලාශ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශද ඒ අතරට අයත් වේ.

එසේම, මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශය ද, අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ද වාන් දමමින් පවතී.

කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි 06 බැගින් විවෘත කර ඇති අතර, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 05 බැගින් සහ තවත් වාන් දොරටු 02 ක් අඩි 04 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර නාච්චාදූවේ වාන් දොරටු 04 ක් අඩි 04 බැගින් සහ තවත් වාන් දොරටු 03 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත.