කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත.

වග කිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින්, අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව පෙනී යන බව එම ලිපියේ දැක්වෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විනය ක්‍රියාමාර්ගයන් ගන්නා බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.