මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් ගොවි ජනතාවට සිදු වූ වගා හානි සඳහා 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කන්න 07ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාව අද (27) පෙරවරුවේ මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

මුල්‍ය විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් මේ වන විට රට තුළ ගොඩනැගෙමින් ඇති බැවින්, 2019 සිට විනාශ වූ කුඹුරු සඳහා මෙලෙස වන්දි ගෙවීමට හැකිව තිබෙන බවද ඔහු පෙන්වා දුනි.

“යම් හානියක් සිදූ වී කෙටි කාලයක් ඇතුළත වන්දි ගෙවිය යුතුය” යන්න රජයේ ස්ථාවරය බවත්, මෙම වන්දි ප්‍රදානය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කිරීමට හැකි වීම පිළිබඳ සතුටු වන බවත් ජනපති වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.