නාලන්දා විද්‍යාලයීය සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදි කරනු ලැබූ නවෝත්පාදන ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීම අද (26) දින උදෑසන අගමැති, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
රුපියල් මිලියන 600 කින් මෙම ගොඩනැගිල්ලේ සියලු වැඩ කටයුතු නිමා කිරීමට කටයුතු යොදා ඇති අතර, පළමු අදියරේ වැඩ අවසන් කිරීම සඳහා මිලියන 300 ක් වියදම් වී තිබේ.
උත්සව අවස්ථාව අමතමින් අගමැති හරිනි ප්‍රකාශ කරන ලද්දේ මෙය වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සමග හොදින් ගැළපෙන ව්‍යාපෘතියක් බවත් එය විවෘත කිරීමට සහභාගී වීමට ලැබීම පිළිබදවද තමන් සතුටු වන බවයි.
එසේම වැඩිදුරටත් එතුමිය පවසන ලදී මනුෂ්‍යත්වය සහ මානව සමාජය තේරුම් ගත නොහැකි තාක්ෂණවේදීන් හා එම තාක්ෂණයෙන් ඵලක් නොවන බවත් අවධාරණය කළයුතු දෙය වනුයේ තාක්ෂණය දියුණු වෙමින් පවතින ලෝකයක මානුෂීය ගතිගුණ දියුණු කළ යුතු ආකාරය වගයි.
මෙම අවස්ථාව සඳහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආදි නාලන්දීයයන් රැසක් සහ සම්භාවනීය පිරිසක් සහභාගී වී ඇත.







