පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අවදානම් ප්‍රදේශ සම්බන්ධයෙන් අදියර දෙකක් යටතේ අනතුරු ඇඟවීම් සහ විමසිලිමත්ව සිටීමේ දැනුම්දීම් නිකුත් කර ඇති බවය.

පවතින වර්ෂාපතනය හමුවේ නායයෑම් සිදුවූ ප්‍රදේශ මෙන්ම නායයෑම් පූර්ව ලක්ෂණ පෙන්නුම් කළ ස්ථාන රැසක් නිරීක්ෂණය කර ඇති බවද ඔහු සඳහන් කරන ලදී.

එමෙන්ම, වර්ෂාපතනයේ සැලකිය යුතු වැඩිවීමක් නිරීක්ෂණය වුවහොත් අවදානම් සහිත ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස මේ වන විට දැනුම් දී තිබෙන වගත්,
යම් නායයෑම් පූර්ව ලක්ෂණයක් නිරීක්ෂණය වන්නේ නම්, ඒ පිළිබඳව වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය දැනුවත් කර අවශ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසද ඔහු ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>