පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව අද (11) දවස පුරා විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත්ක මොරායස් සහ ආදිත්‍ය පටබැඳීගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.
කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද නිර්දේශයක් මත පදනම්ව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ප්‍රකාශ සිදු කිරීම සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස වන පරිදි අදහස් දැක්වීම යන සිදුවීම් මුල් කරගනිමින් මෙම නඩුව ගොනු කර ඇත.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අයට එරෙහිව මෙලෙස චෝදනා ඉදිරිපත් කර තිබේ.
