‘”අප තෝරන අධ්‍යාපන පාර ඕක නොවෙයි. ඒ අනුව සෑම ළමයෙකුම වසර13 ක් අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතුය.”
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙසේ පවසන ලද්දේ පසුගියදා මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශයට පත් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ ‘‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’’ ජාතික වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.
එහිදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලිවිමට පෙර ළමෝ 38000 ක් පාසල් හැර යන බවත් බන්ධනාගාර ගත වුවන්ගෙන් බැලුවහොත් එයින්ද 74% ක් පමණ ඇත්තේ 10 පන්තියට පහළින් ඉගෙන ගත් අය බවත් එතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
එබැවින් මේ ඕ ලෙවල්වලට පෙර පාසල් හැරයාම නතර කළයුතු අතර විශේෂයෙන්ම ළමයෙකු පාසලට නොපැමිණි දිනයට ඒ ගැන දන්වා කෙටි පණිවුඩයක් දරුවාගේ නිවසට යැවීමට හැකි ක්‍රමවේදයක් සියළු පාසල් වලට හඳුන්වාදීමේ සූදානමක් පිළිබදවද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.
එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් දැන් නැරඹිය හැකිය.





