තම බෞද්ධ පසුබිම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න මතු කරන පසුබිමක, ඒ පිළිබඳව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඔහු සඳහන් කළේ තම ජීවිතයේ වැඩි කාලයක් ගත වූයේ පන්සල ආශ්‍රිතව බවයි. තම පියාගේ බාල සහෝදරයා මාපලගම සිරි විමල හිමියන් බවත්, උන්වහන්සේ මාපලගම සිරි සාගර හිමියන්ගේ සහ බද්දේගම විමලවංශ නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම, අනගාරික ධර්මපාලතුමාගේ මවගේ නමින් නම් කර ඇති හිඳුම මල්ලිකා මහා විද්‍යාලයේ වසර 13ක් අධ්‍යාපනය ලැබූ බවද ඔහු සඳහන් කළේය.

හිනිඳුම ප්‍රදේශය සහ තම පවුල අතර ඇති ඓතිහාසික සම්බන්ධතා පිළිබඳවද කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, තම බෞද්ධ පසුබිම පිළිබඳව අවශ්‍ය නම් මහා සංඝරත්නයෙන් විමසා දැනගත හැකි බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ජනතාව නොමඟ යවන ආකාරයේ ප්‍රකාශ හරහා ඔවුන් වෙනත් දිශාවකට යොමු කිරීමට දරන උත්සාහයන්ට අනාගතයක් නොමැති බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>