අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (08) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී අවධාරණය කළේ, අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම සහ ගුණාත්මක අන්තර්ගතයන් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

ඇය පැවසූයේ, YouTube වීඩියෝ පමණක් නොව, විෂය නිර්දේශයට ගැලපෙන ඉගැන්වීම් අන්තර්ගතයන් ‘e-තක්සලාව’ වැනි රජයේ නිල පද්ධතියක් හරහා ලබාදිය යුතු බවයි.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 මූලික කරගෙන ගුරුවරුන්ට ඩිජිටල් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ඇය අවධාරණය කළාය.

ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයන් ප්‍රකාශ කළේ, රජයට නොමිලේ ඩිජිටල් ඉගෙනුම් වේදිකාවන් ලබාදීමට සහ AI තාක්ෂණය යොදාගනිමින් අන්තර්ගතයන් නිර්මාණය කිරීමට සහාය වීමට සූදානම් බවද ඇය ප්‍රකාශ් කරන ලදී.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, අධ්‍යාපන පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ පස් අවුරුදු සැලැස්ම ඉදිරියේදී අවසන් කරනු ඇති බවය.