ජුනි 30 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වන වගන්තිය ප්‍රකාරව, එක් එක් වර්ෂයේ ජුනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත, මෙම මස 30 වැනිදා පෙරවරු 09.30ට කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව තිබෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.