”මේ මොහොතේ තමන්ගේ නැතිවෙච්ච බලයත්පත් කරගන්න තමුන්ගේ නැතිවච්ච කීර්ති අත්පත් කරගන්න.. තමුන් දකින ජනාධිපති සිහින වෙනුවෙන්.. අගමැති සිහින වෙනුවෙන්.. පාර්ලිමේන්තු මන්ත්රී දූරයේ සිහිනය වෙනුවෙන්.. මේ බුද්ධ චීවරය පාවල දෙන්න ලැස්ති වෙන්න එපා…”
හිරු ජන බල පෙරමුණේ සාමාජික චේනක අබේසිංහ මෙසේ සදහන් කරමින් පවසන ලද්දේ රට ජාතිය ආගම බේරගන්න යැයි පවසමින් සටන් පාට ඉදිරියට ගෙන තම තමන්ගේ පටු පරමාර්ථ ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා යම්කිසි පිරිසක් වෙහෙසෙන බවයි.
වැඩිදුරටත් කරුණු විදහා දක්වමින් එතුමා ප්රකාශ කරන ලද්දේ ආගම් ජාතිය ගැන පවසමින් මෙසේ පවත්වන්නා වූ උද්ගෝෂණ හෝ සමුළු ආදිය මගින් සිදුවනුයේ සංස්කෘතිය, බුද්ධ චීවරය, බිද වැටීම බවත් මෙරට ශාසනය රකින භික්ෂූන් වහන්සේලා අවදි කොට දහම රැකගත් යුතු බවත් අවධාරණය කළේය..
සම්පුර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>



