ශ්රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් මහතා සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (29) ජනමාධ්ය අමාත්යාංශයේදී පැවැත්විණි.
වයි හුවාෂියැන්ග් මහතා ශ්රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
මෙහිදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් අමාත්යවරයා සිය ප්රසාදය පළ කළේය.
ශ්රී ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රයේ ප්රවර්ධනය වෙනුවෙන් චීන රජය ලබාදෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන්ද අමාත්යවරයා තානාපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර තිබේ.
එමෙන්ම, චීන රජයේ පරිත්යාගයක් ලෙස ඉදිකරන ලද පොළොන්නරුව ජාතික වෘක්කවේදී විශේෂිත රෝහලේ පසුගියදා සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.




