එංගලන්ත ක‍්‍රිකට් තරග සංචාරය අතරතුර රාතී‍්‍ර වීථි සංචාරය කරමින් විනය විරෝධී ලෙස හැසුරුණු බවට චෝදනා ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල මිල ගණන් අවම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත පිටත් කර හැර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම තිදෙනාට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීම සඳහා ලබා දී තිබුණේ ද සාමාන්‍ය මගී පංතියේ ආසනයි.

වෙනදා මෙන් ව්‍යාපාරික පංතිය ලබා දී නොතිබූ අතර වෙනත් විශේෂ පහසුකම් ද ලබා නොදී තිබීම විශේෂත්වයක්.