දියවැඩියා සහ හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ තොග දෙකක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවලට අනුව මෙම අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව දියවැඩියා රෝගීන් සඳහා භාවිත කරන බයිපසික් අයිසොෆේන් ඉන්සියුලින් (Biphasic Isophane Insulin) එන්නත් (මිනිස්) බීපී 1,000 අයියු, මිලිලීටර 10 (30% ද්‍රාව්‍ය 70% අයිසොෆේන්) වයල් 2,700,000ක් සැපයීමේ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලැබුණු ලංසු 02ක් ඇගයීමෙන් පසු, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත සාරානුකූල ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන ඉන්දියාවේ ‘M.J. Biopharm Private Limited’ සමාගමට එය පිරිනැමීමට තීරණය කර තිබේ. පිරිවැය සහ ගැල් කුලී මිල ඇතුළත්ව එම ඖෂධ තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 4.293කි.
මේ අතර හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ/මිලිලීටර 0.4 පෙර පුරවා ඇති එන්නත් 920,000ක් මිලදී ගැනීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම යටතේ ලැබුණු ලංසු 07ක් ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු නිර්දේශය මත සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන චීනයේ Shenzhen ‘Techdow Pharmaceutical Co. Ltd’ සමාගම වෙත පිරිවැය හා ගැල් කුලී ඇතුළුව අමෙරිකානු ඩොලර් 828,000කට එම ප්‍රසම්පාදනය පිරිනැමීමට තීරණය කර ඇත.




