“සුවසැරිය” 1990 ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවය පසුගිය දා පැවැත්විණි.
මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, සඳහන් කරන ලද්දේ, 1990 දී ආරම්භ වූ මෙම සංකල්පය රටේ සෞඛ්‍ය පද්ධතියට එකතු කරගැනීමේදී විශාල අභියෝගයන් මුහුණ දුන් බවයි.

නමුත් සියලු බාධක මැදින් අද එය සාර්ථකව වර්ධනය වී ඇති බවත්, රටේ ජනතාවට අතිශය වැදගත් සේවාවක් බවත් ඔහු පැවසීය.

එසේම ඉදිරියටත් මෙම සේවාව තවදුරටත් ශක්තිමත් කරගෙන යාමට සහ රටේ සෞඛ්‍ය සේවාවට අතිරේක ශක්තියක් ලබාදීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, “සුවසැරිය” සේවාවේ කණ්ඩායම් සහ විවිධ අංශ නියෝජිතයන් සහභාගී වූ අතර, සේවාව ගොඩනගා ගෙන ආ සියලු දෙනා හට ඔහු තම ස්තූතිය පළ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>