සෑම වසරකම මාර්තු පළමුවන දිනට යෙදෙන ජාත්‍යන්තර රෝද පුටු දින සැමරුම මෙවර රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්‍රයේදී අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

“සංචලතාව බලගැන්වීම – සැමට ඇතුළත්වූ අනාගතයක් ගොඩනැගීම” යන්න මෙවර තේමාව කර ගනිමින් මෙහිදී ජපානයේ සකුරා ආයතනයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු රෝද පුටු කිහිපයක් ආබාධ සහිත පුද්ගලයින්ට සංඛේතවත්ව ලබා දෙන ලදී.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ, මෙය රෝද පුටු පරිත්‍යාග කිරීමේ උත්සවයක් පමණක් නොව, අන්තර්කරණීය සමාජයක් ගොඩනගා ගැනීමේ රජයේ වගකීමක් බවයි.

2026 වර්ෂයේදී ජනාධිපතිතුමා සියලුම අමාත්‍යංශයන්ට disability-inclusive budget ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීමේදී යම් බාධාවන් තිබුණද රජය ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

ඉදිරියේදී ආබාධ සහිත පුද්ගලයින් සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සහ එය තවදුරටත් දියුණු කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට රජය පොරොන්දු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.