සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවගේ අවශ්‍යතාව පරිදි අද (15) සිට අතිරේක බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එසේම අද දින සාමාන්‍ය කාර්යාල දිනයක් වන නිසාවෙන් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කරන ලදී.

මීට අමතරව මගී අවශ්‍යතාව මත අදාළ විශේෂ දුම්රියන් ද ධාවනය සඳහා එක් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.