අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත්, අදාළ පාර්ශවයන් සමඟ විධිමත් සාකච්ඡාවකට කාලය ලබා ගැනීම සඳහාත් 06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම සිදු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කරන ලදී.
ඒ අද (20) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
මෙසේ ප්‍රතිශංස්කරණ කල් දැමීමට හේතුව ලෙස ඔහු විසින් ඉදිරිපත් කරන ලද්දේ මෙය දැවැන්ත අධ්‍යාපන ප්‍රතිශංස්කරණයක් බවත් කුඩා හෝ කණ්ඩායමක විචිකිච්චාවක් සහිතව ඉදිරියට යාමට නොහැකි බවත්ය.
ඒ අනුව, අධ්‍යාපන ප්‍රතිශංස්කරණ කිසි ලෙසකින් හෝ නතර කර නොමැති බවත්, මේ වන විටත් ඊට අදාළ අනෙකුත් කටයුතු සිදු වෙමින් පවතින අතර, 01 ශ්‍රේණියට අදාළ නව විෂය මාලා කටයුතු ජනවාරි 29 ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
එම අදාළ ප්‍රකාශය අපගේ webnews youtube චැනලය හරහා දැන් නැරඹිය හැකිය.





