“නිරන්තර අර්බුධකාරි තත්වයන්ට මුහුණදෙන ලෝකයක බලාපොරොත්තුව නැවත ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව ගැන කතාකිරීමේ දී ශ්‍රි ලංකාව හොඳ උදාහරණයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සඳහන් කරන ලදී.
ඒ ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සමගාමීව ඊයේ (20) Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ පැවති “Tourism as Soft Power and Diplomatic Capital” යන තේමාව යටතේ සංවිධානය කළ සංවාදයට එක් වෙමිනි.
මෙම සාකච්ඡාවට රටවල් රැසක නියෝජිතයෝ පැමිණ සිටි අතර තුර්කිය සවුදිය වැනි රටවල ප්‍රධාන පෙලේ සමාගම්වල නියෝජිතයින් පැමිණ සිටීම මෙහි විශේෂත්වයකි.
දිට්වා සුලිකුණාටුවෙන් පසුව සංචාරක කර්මාන්තය ශක්තිමත් ලෙස නැවත ගොඩනැගිම පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැහැදිලි කරන ලදී.
එසේම දේශගුණික මූල්‍යකරණයේ ඩිජිටල් පරිවර්තනය , ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව, ප්‍රමිතියකින් යුත් සංචාරක කර්මාන්තයක් ගොඩනැගිය යුතු බව අත්‍යවශ්‍ය බවද එතුමිය අවධාරණය කරන ලදී.
එසේම ලෝක ආර්ථික සංසදයට සමගාමිව පැවති තවත් ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අගමැතිතුමිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගි වුහ.







