පුත්තලම, නාගවිල්ලුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක් තුළ තිබී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව පොලිසිය පවසයි. ඔහු වයස අවුරුදු 60ත් 65ත් අතර පසුවන අයකු බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මෘත දේහය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.



