උදය ගම්මන්පිල

පසුගිය මාධ්‍ය හමුවේදී අපි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න අටක් ඇහුවා. ඇත්තෙන්ම මම හිතාගෙන හිටියේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා කියලා. බැලින්නම් දැන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විදිහට කටයුතු කරන්නේ සිරිල් ගාමිණී පියතුමා. මාධ්‍ය ප්‍රකාශකගෙන් මම ප්‍රශ්න ඇහුවම ඒකට පිළිතුරු දෙන්න එන්නේ සිරිල් ගාමිණී පියතුමා. සිරිල් පියතුමා මාධ්‍ය හමුවක් පවත්වලා මා මතු කළ ප්‍රශ්න අටට පිළිතුරු දෙනවා වෙනුවට ආණ්ඩුව රැක ගැනීම සඳහා මට දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා. ඇත්තටම විමර්ශන වලට බාධා කරමින්, විමර්ශන වලට ඇඟිලි ගසන්නේ මම නෙවෙයි. සිරිල් ගාමිණී පියතුමා.

උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>