හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනකුට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල අද (11) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණි.
කොටුව මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට යොමු කළ මෙම පැමිණිල්ල සලකා බලන්නේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය. මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන මහත්වරු ද පැමිණිල්ලේ නම් කර සිටිති.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහය අතරතුර සහ ඉන් පසුව කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් සිදුවූ බවට පැමිණිල්ලෙන් කරුණු දක්වා තිබේ.
පැමිණිල්ලේ නම් කර ඇති පාර්ශ්වයන්ට නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු හා විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් 11, 12 සහ 13 යන දින මීට පෙර වෙන් කර තිබිණි. අද කැඳවීමෙන් පසු නොතීසි නිකුත් කිරීම පිළිබඳ නව නියෝගයක් තහවුරු වී නැත.



