ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින්, අලුතින් ස්ථාපනය කරන ලද රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් සමග සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින කම්කරු අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් සිය ගැටළු , අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලද අතර එහිදී පත්වීම් ලිපි, ධුරාවලි ගැටළු , සේවක අත්පොත සම්බන්ධ ගැටළු ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
එම ගැටලු සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයන්ට සහ විසඳුම්වලට පැමිණීමට හැකි වී ඇති අතර එහිදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේ සේව්‍ය සේවක පාර්ශව එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ඕනෑම ආකාරයේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.
ඒ සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සෑම සහායක්ම ලබා දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ පවතින කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරමින් රට සහ රටේ ජනතාව වෙනුවෙන් එක්ව අභියෝග ජය ගතයුතු බවයි.







