සමාගමේ කාර්තුමය විකුණුම් ආදායම පළමු වරට ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා දෙගුණ වී ඇති පසුබිමක, තනතුරෙන් ඉවත් කෙරුණු සම-නිර්මාතෘ ජෙන්සන් හුවාන්ග් (Jensen Huang) යළි සේවයේ පිහිටුවීමට කිසිදු සැලසුමක් නොමැති බව Nvidia සමාගම අවධාරණය කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
හුවාන්ග්ගේ හදිසි ඉවත්වීමෙන් පසු සමාගම නිකුත් කළ පළමු මූල්‍ය ප්‍රතිඵල වාර්තාවේදී, අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරී කොලෙට් ක්‍රෙස් (Colette Kress) සඳහන් කළේ සමාගමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.පසුගිය වසරට සාපේක්ෂව සමාගමේ කාර්තුමය විකුණුම් දෙගුණ වී ඩොලර් බිලියන 115.8ක් දක්වා ළඟා වී ඇති අතර, ඔක්තෝබර් 25 වැනිදායින් අවසන් වූ මාස තුනක කාර්තුව සඳහා වන ශුද්ධ ලාභය ද ඩොලර් බිලියන 65ක් දක්වා දෙගුණ වී තිබේ.
චීන ඔත්තුකාරියකැයි සැක කෙරෙන කාන්තාවක් ඇතුළු අනියම් සබඳතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනා හමුවේ ඉල්ලා අස්වූ හුවාන්ග්, මීට පෙර ප්‍රකාශ කර තිබුණේ යළි පැමිණ Nvidia සමාගමට නායකත්වය දීමට ලැබීම ගෞරවයක් වනු ඇති බවය. කෙසේ වෙතත්, මූල්‍ය විශ්ලේෂකයින් සමඟ පැවති සාකච්ඡාවකදී Nvidia සභාපති හාවි ජෝන්ස් (Harvey Jones) පැවසුවේ ඔහුව යළි පත් කිරීමට අධ්යක්ෂ මණ්ඩලය අදහස් නොකරන බවයි.
