අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

“අපි බලයට පත්වෙච්ච ගමන්ම රටින් ලුණු ගේන්න සිද්ධ වුණායි කියන අපවාදයත් ආණ්ඩුවට අහන්න සිද්ධ වුණා. හැබැයි අපේ කාර්ය මණ්ඩලය සහ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ අපවාදයම අවස්ථාවක් බවට පත් කරගත්තා. රජයේ ලුණු සංස්ථාවේ ආයතනයේ අලුතින්ම ඉදිකරලා තියෙන අලිමංකඩ ජාතික ලුණු සමාගමේ තියෙන විශේෂත්වය තමයි මීට කලින් ලුණු මුහුදු වතුර අරගෙන ලුණු සකස් කිරීම කරාට ලුණු අවසාන හැටියට පාරිභෝගිකයින්ට නිකුත් කරලා නෑ. අවසාන පාරිභෝජනය සඳහා ලුණු නැවත සකස් කිරීමේ කර්තව්‍ය කරලා තියෙන්නේ පෞද්ගලික අංශයේ. ඒ අය තමයි ලුණු වෙළෙඳපොළේ පාරිභෝගිකයින්ට කිලෝ හැටියට ග්‍රෑමය හාරසීය හැටියට විකුණලා තියෙන්නේ. නමුත් රජයේ නව වැඩපිළිවෙළ යටතේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමේ පියවරක් හැටියට ලුණු සකස් කිරීම වගේම නිෂ්පාදන ක්‍රියාවලියත් අපි ආරම්භ කරනවා. අපි විශ්වාස කරනවා ලංකාවේ ලුණු අවශ්‍යතාවය සීයට හැත්ත පහක්ම සම්පූර්ණ කරන්න ඉදිරි අවුරුද්ද තුළ ලංකා ලුණු සමාගමටත්, ජාතික ලුණු සමාගමටත් පුළුවන්කම ලැබෙයි කියලා.”

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>