නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ , කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත් බවයි.
2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ එකොළොස් වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජුනි 30 හෝ එදිනට පෙර මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා ය.
ඒ ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහායි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව පාර්ලිමේන්තුව ජූනි 30 වැනිදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.
මේ අතර ලබන මස 8, 9, සහ 11 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී තිබේ.
