රුසියාව විසින් යුක්රේනයේ අගනුවර වන කියෙව් ඇතුළු නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරවලින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වේ.
ප්‍රහාර හේතුවෙන් කියෙව් නුවර පාලම් කිහිපයකටද හානි සිදු වී ඇති බව වාර්තා වේ. යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු රුසියාව යුක්රේනයට එල්ල කළ දැවැන්තම ප්‍රහාර මාලාවලින් එකක් ලෙස මෙය සැලකෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
උපායමාර්ගික වශයෙන් වැදගත් ක්රිමියානු පාලමට යුක්රේනය ප්‍රහාරයක් එල්ල කර හානි සිදු කිරීමෙන් දින කිහිපයකට පසුව රුසියාව මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇති බවද වාර්තා වේ.



