රුසියානු බවට සැක කෙරෙන ගුවන් යානා දෙකක් ඊයේ (17) අලුයම ජපාන ගුවන් සීමාව උල්ලංඝනය කිරීමත් සමඟ, ඊට ප්රතිචාර ලෙස ප්රහාරක ජෙට් යානා ගුවන්ගත කළ බවත්, මේ සම්බන්ධයෙන් රුසියාවට සිය දැඩි විරෝධය පළ කළ බවත් ජපානය පවසයි.
මේ අතර, දකුණු කොරියාව සහ තායිවානය ද තම ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපවලට (ADIZ) රුසියානු හමුදා ගුවන් යානා ඇතුළුවීම හේතුවෙන් ඊට ප්රතිචාර දැක්වීමට පියවර ගෙන තිබේ.
ජපානයේ ප්රධාන කැබිනට් ලේකම් මිනෝරු කිහාරා ප්රකාශ කර ඇත්තේ නිරිතදිග ඔකිනොෂිමා දූපතට ඔබ්බෙන් සිදුවූ මෙම රුසියානු ගුවන් යානා ගමන් කිරීම ජපානයේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර එය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. මීට පෙර මෙවැනි සිදුවීමක් 2024 වසරේදීද වාර්තා වී තිබූ අතර, අසල්වැසි රටවල් තුනම ප්රතිචාර දක්වා ඇත්තේ එකම ගුවන් යානා සමූහයකටද යන්න තවමත් පැහැදිලි නැත.
විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ චීනයේ පැවැත්වෙන APEC ආර්ථික සමුළුවට පෙර රුසියාව විසින් මෙම හමුදා බලය පෙන්වීමක් සිදු කර ඇති බවයි. පැසිෆික් සාගරයේ දූපත් පොකුරක් සම්බන්ධයෙන් පවතින භූමි ආරවුල් සහ මෑතකදී ඇති වූ රාජ්ය තාන්ත්රික නොසන්සුන්තාවන් හේතුවෙන් ජපානය සහ රුසියාව අතර දැනටමත් උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව බීබීසී වාර්තා පෙන්වා දෙයි.
