අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කර තිබූ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) දින තහවුරු කර තිබේ. අදාළ සිර දඬුවමට එරෙහිව ඇය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ වහාම රිමාන්ඩ් භාරයට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, නියමිත සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද නියෝග කර ඇත. නීතිමය විමර්ශන සහ අභියාචනා ක්‍රියාවලියෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.
