පා.ම. චාමර සම්පත් දසනායක.
මට මාස දෙකක් බන්ධනාගාර දෙකක උසාවි දෙකක තරගෙට නඩු පැවරුවා. නඩු දැම්මට කමක් නෑ. වැරදිකාරයෝ කරන්නත් ඕන. හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගාගන්නේ නැතුව, බාත්රූම් එක හදලා, එළියේ ජරා කරන්නේ නැතුව, බාත්රූම් එකේ ජරා කරා නම් හොඳයි. මොකද ඒකට හේතුව තමයි, ඇප අවලංගු කරන්න කියන්නේ මොකක්ද දන්නවද? මම බන්ධනාගාරයේ C. R. P. එකේ ඉද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා වොයිස් කට් එකක් දෙනවා මගේ ඇප අවලංගු කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක පැත්තකින් නීතිඥයෙක් අනිත් පැත්තෙන් පක්ෂ නායකයෙක්. අනිත් එක වඳුරන්ගෙන් බණ අහලා, ජේතවනාරාමෙට ගල් ගහලා, නෙරංජනා නදිනුත් එගොඩ වෙච්ච මිනිහෙක් රනිල් වික්‍රමසිංහ කියන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150, යම්කිසි මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් ඉවත් කරගැනීමේදී ඒ මුදල ඒකාබද්ධ අරමුදල ඉවත් කරගන්නා වූ මුදල් වර්ෂය තුළම වියදම් කරන්න ඕනේ කියලා. මේක පෙරලලා වටගල මහත්තයා බලන්න මට නඩු දාලා තියෙන්නේ මොකටද කියලා?, ඉවත් කළා කියලා. මේවා ඇවිල්ලා මොන විහිලුද කියලා මට තේරෙන්නේ නැහැ. නඩුවක් දානකොට හරියට ඔප්පු කරගන්න පුළුවන්. ඒ නඩුව පැහැදිලි නඩුවක් වෙන්න ඕන. ඉතින් ඒක නිසා මට කණගාටුයි. නමුත් කමක් නෑ. මේ පාර්ලිමේන්තුවේ මේ 225හේ කවුරුත් විඳපු නැති විදියට මට දුන්නා පරිප්පුව. ඒකට කමක් නෑ.
වැඩිදුර විස්තර බැලීමට>>>>>>>