ගාල්ල, රත්ගම, මලියදුව ප්රදේශයේ ක්රීඩාංගණයකදී හිටපු යුද හමුදා නිලධාරියකු වෙ|ඩි තබා ඝා|තනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනකු පොලිසිය විසින් 2026 නොවැම්බර් 28 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.
2026 නොවැම්බර් 26 වැනිදා රත්ගම පොලිස් වසමේ මලියදුව ප්රදේශයේ ක්රීඩාංගණයකදී මෙම වෙඩි තැබීම සිදු වූ අතර, එහිදී ගාල්ල, රිච්මන් කන්ද ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි හිටපු යුද හමුදා නිලධාරියකු මිය ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 38 සහ 41 යන වයස්වල පසුවන ගිංතොට, මාගාල්ල සහ ගාල්ල ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
එම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ රත්ගම පොලිස් ස්ථානය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.



