“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (03) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1273 ක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 1264 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව, හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 455 කින්, හෙරොයින් ග්‍රෑම් 909 යි මිලිග්‍රෑම් 82 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 432 ක් අතරින් අයිස් කිලෝ 01 යි ග්‍රෑම් 227 ක් සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 299 කින් ගංජා කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 793 ක් හා ගංජා පැළ 70,580 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.




