ආණ්ඩුව විසින් ඇති කර ගන්නා ප්‍රශ්නවලට විපක්ෂයට කරන්නට දෙයක් නැ’ තැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.
“ඊළඟ නායකයා ‘අරයා – මෙයා’ ලෙස කවුරුන් හෝ සිතා සිටිනවා නම් එලෙස සිතා නොසිටින්න, ජනාධිපති ධුරයට පත්වෙන කෙනෙක් 2029 වසර තුළ පත් වනු ඇති අතර ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 159 ක් සිටියත්, පෙර තිබුණු ජනප්‍රියතාවයක් දැන් නැතැයි” පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් සඳහන් කර සිටියේය.





