අද (22) දින රජයේ විශේෂ මාධ්‍ය හමුවේදී මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ, ගෝලීය ආර්ථික තත්ත්වය හා ඩොලර් මිල ඉහළ යාම නිසා රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.
ඔහු පැවසූයේ තෙල් මිල ඉහළ යාමත් සමග බෙහෙත් ද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වී ඇති අතර, අප ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිල අප අපනයනය කරන භාණ්ඩවලට සාපේක්ෂව වැඩිවීමත් මේ තත්ත්වයට බලපෑමක් ඇති කර ඇති බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ, රජය කිසිදු ආකාරයකින් ආනයන තහනම් කිරීමක් හෝ සීමා කිරීමක් සිදු කර නැති බවයි.
2022 වසරේදී සිදු වූ ආනයන සීමා කිරීමේ අත්දැකීම මත ජනතාව අතර ඇතිවූ බිය නිසා මේ ආර්ථික තත්ත්වය පිළිබඳව අසත්‍ය කතා පැතිර යන බවත් ඔහු සඳහන් කළේය.
අවසානයේදී අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ, රජය ආර්ථිකය නවතා දැමීමේ තීරණයක් නොගනිමින්, බාහිරයෙන් ඇතිවූ ගෝලීය අර්බුදයට විද්‍යාත්මක හා නිවැරදි විසඳුම් සොයමින් ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කරන බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





