ඊයේ (22) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ, විදේශ විනිමය අනුපාතය ඉහළ යාම ආර්ථිකය පහල යාමට සෘජු සම්බන්ධතාවයක් නොමැති බවයි.
ඔහු පැවසූයේ, විදේශ විනිමය අනුපාතය ඉහළ යාමත් පහල යාමත් සමග වාසි සහ අවාසි දෙකම ඇතිවන අතර, රජය මෙම වෙනස්කම් කළමනාකරණය කරගෙන යන බවයි.
අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, මෙම වසර තුළ විදේශ විනිමය ලබා ගැනීම සඳහා අපනයනවලට අමතරව විදේශ ප්‍රේෂණ සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි..
එම සියලුම මූල්‍ය සහය ලබා ගැනීමේ ක්‍රියාවලිය නිසා රටේ ආර්ථිකය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බවත්, රජය අත්පත් කරගත් මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් යන වග ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





